රුපියල් ලක්ෂ 2ක අල්ලසක් ගත් පොලිස් කොස්තාපල් මාට්ටු
2026 May 05- Page Views : 11
රු.200,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා, ලබාගැනීමේ චෝදනාව මත පෑලියගොඩ මූලස්ථානයේ පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ චෝදනාවකට අදාළව අප්‍රේල් මස 19 වන දින පෑලියගොඩ පොලීසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයෙකු හට නීති මඟින් කටයුතු නොකර, නිදහස් කිරීමට අල්ලස් වශයෙන් රුපියල් ලක්ෂ 2ක මුදල ලබාගෙන තිබුණි.
ඒ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වැටලීමක් සිදුකර තිබුණු අතර, එහිදී එක් පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, අනෙක් කොස්තාපල්වරයා අදාළ ස්ථානයෙන් පලාගොස් ඇත.
එලෙස පලා යන ලද පොලිස් කොස්තාපල්වරයාව ඊයේ (04) පෙ.ව.9.40ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි 12 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.