විද්‍යාවේදී හෙද උපාධිධාරීන් 515කට තෙවන ශ්‍රේණියේ පත්වීම් ලිපි ප්‍රදානය හෙට
2026 May 28- Page Views : 3
හෙද අනුස්ථාපන සහ සමායෝජන පුහුණුව සාර්ථකව නිම කරන ලද විද්‍යාවේදී හෙද උපාධිධාරීන් 515 දෙනෙකු සක්‍රීය සේවයට බඳවා ගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මේ වන විට කටයුතු යොදා තිබේ.
ඒ අනුව ඔවුන්ට හෙට (29) දින III ශ්‍රේණියේ හෙද නිලධාරී පත්වීම් ප්‍රදානය කිරීමට නියමිත බව එම අමාත්‍යාංශය නිවේදනය කරයි.
එම පත්වීම්ලාභීන් මධ්‍යම රජය යටතේ පාලනය වන ප්‍රධාන රෝහල් සහ ශික්ෂණ රෝහල් වෙත අනුයුක්ත කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්ය.
විද්‍යාවේදී හෙද උපාධිධාරීන් III ශ්‍රේණියේ තනතුරු සඳහා අවසන් වරට බඳවා ගැනීම් සිදුකර ඇත්තේ 2021 වර්ෂයේදීය.
මෙරට සෞඛ්‍ය සේවාවේ වත්මන් දත්ත අනුව, මෙරට සමස්ත රාජ්‍ය සෞඛ්‍ය සේවාව තුළ හෙද නිලධාරීන් 43,553 ක ශ්‍රම බලකායක් සක්‍රීය සේවයේ නිරතව සිටිති.
එමෙන්ම ක්ෂේත්‍රයේ පවතින මානව සම්පත් හිඟය අවම කිරීම උදෙසා පසුගිය වසර දෙකක කාලසීමාව තුළ පමණක් III ශ්‍රේණියේ හෙද කාර්ය මණ්ඩල 3,441ක පිරිසක් බඳවාගෙන ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
ඉදිරියේදී මෙරට සෞඛ්‍ය සේවාවට එක්වීමේ අරමුණින් දැනටමත් දිවයින පුරා පිහිටි හෙද විදුහල් තුළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 7,800කට ආසන්න ප්‍රමාණයක් සිය වෘත්තීය පුහුණුව ලබමින් සිටී.
මීට අමතරව, ඉදිරි සායනික සේවා අවශ්‍යතා සලකා බලා ජාතික හෙද අභ්‍යාස විද්‍යාල පද්ධතිය වෙත තවත් නවක සිසුන් 3,000ක පිරිසක් බඳවා ගැනීම සඳහා වන අනුමැතිය ද මේ වන විට ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ලබාගෙන ඇති බව වැඩිදුරටත් සඳහන්ය.