ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ හිස්වූ සභික ධුරයට අලුත් මුහුණක්
2026 June 05- Page Views : 29
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ පුරප්පාඩු වූ සභික ධුරයක් සඳහා ෂහරින් ෆායිකා මොහොමඩ් ෆවුසි මහත්මිය පත් කර තිබේ.
මෙම පුරප්පාඩුව ඇති වී තිබුණේ පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් කෝට්ටේ මහ නගර සභාවට තේරී පත්ව සිටි කුමාරගේ එරංගා ශිරෝමාලි මහත්මිය ඉල්ලා අස්වීම හේතුවෙන්ය.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනතේ විධිවිධාන අනුව, අදාළ පුරප්පාඩුව පිරවීම සඳහා පොදුජන එක්සත් පෙරමුණේ ලේකම්වරයා විසින් ෂහරින් ෆායිකා මොහොමඩ් ෆවුසි මහත්මියගේ නම යෝජනා කර තිබුණි.
ඒ අනුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනතේ 66(1) වගන්තිය ප්‍රකාරව ක්‍රියා කළ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ තේරීම්භාර නිලධාරිනී පියුමි ආටිගල මහත්මිය විසින් ෂහරින් ෆායිකා මොහොමඩ් ෆවුසි මහත්මිය එම මහ නගර සභාවේ සභිකවරියක ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.