Welcome Ikman.news
 
 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මහනුවර රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණින් විශේෂ රථ වාහන සැළැස්මක්

|Tue,01 March 2016 02.45 PM|Miscellaneous| Page Views : 31

අලුත් පුවත්
65 හැවිරිදි පුද්ගලයක් 12 හැවිරිදි දැරියක් විවාහකරගෙන
දෙවුන්දරින් මුහුදු ගිය ධීවරයින් පිරිසකට ප්‍රහාරයක්
ප්‍රථම වතාවට ලෝක කුසලානයට විනිසුරුවරියන්
බ්‍රෙන්ඩා ඉන්නකන් වැන්ඩා යනවා !
 
මහනුවර නගර මධ්‍යයේ පවතින රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණින් අද(01) පස්වරු පස්වරු 3.30 සිට 7.30 දක්වා කාලය තුළ විශේෂ රථ වාහන සැළැස්මක් අත්හදා බැලීමට නියමිත බව පොලිස් මූලස්ථානය පවසයි.

ඒ අනුව අදාළ කාලය තුළ තෝරාගත් මාර්ග කිහිපයක, එක් දිශාවකට පමණක් රථ වාහන ධාවනය කරවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනු ඇත.

විලියම් ගොපල්ලව මාවතේ දුම්රියපොළ ආසන්නයේ ඇති බුදුපිළිමය අසළ සිට ගැටඹේ දෙසට රථ වාහන ධාවනය කළ යුතු බව සඳහන්ය.

ගැටඹේ දියකපනාරාමය අසළ වටරවුමේ සිට මහනුවර ඔරලෝසු කණුව දක්වා සිරිමාවෝ බණ්ඩාරනායක මාවතේ වාහන ගමන් කළ හැකි වන්නේ නගරය දෙසට පමණක් බව පොලීසිය පවසයි.

දෙයියන්නේවෙල සම්බෝධී මාවත සුදුහුම්පොල, ටි.බි.තෙන්නකෝන් මාවත, විලියම් ගොපල්ලව මාවතේ සිට සිරිමාවෝ බණ්ඩාරනායක මාවත දක්වා ඇති හීරැස්ස, ගලපාර යන මාර්ගවල බස් රථ ධාවනය තහනම් වන අතර සැහැල්ලු වාහන පමණක් දෙපසට ගමන් කළ හැකිය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න