Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

වෛරසය පරදන්න කෘත්‍රිම බුද්ධියට හැකි වෙයිද?

|Wed,22 April 2020|Special| Page Views :

කොරෝනා වෛරසය නිසා ලෝකයම අසරණ වී සිටින අවස්තාවක ඊට නිසි පිළියමක් සොයා ගන්නට කෘත්‍රිම බුද්ධිය හෙවත් superhuman සහය ලබා ගැනීම සම්බන්ධයෙන් විශේෂඳ අවධානය යොමු වී තිබෙනවා. බොහෝ ක්ෂේත්‍රයන් තුළ මේ වනවිට යාන්ත්‍රික ඉගෙනුම් ක්‍රියාවලීන් වැඩි වශයෙන් යොදා ගනු ලබනවා. නමුත් වෛද්‍ය ක්ෂේත්‍රය තුළ කෘත්‍රිම බුද්ධිය භාවිතය තරම අවම බව පෙනී යනවා. කෘත්‍රිම බුද්ධිය මගින් ඖෂධයක් පළමු වරට ඉදිරිපත් කළ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ Exscientia ඖෂධ වර්ග 15 000 පමණ විශ්ලේෂණය කරමින් සිටිනවා. ඊට අමතරව කේම්බ්‍රිජ් සමාගමක් වන Healx ද තම AI ජාලය දුර්ලභ රෝග සඳහා ප්‍රතිකර්ම සෙවීම සඳහා නැවත හැඩගස්වා තිබෙනවා. මෙම යන්ත්‍ර මගින් රෝගය පිළිබඳ සම්පූර්ණ දත්ත රැස් කිරීම, වෛරසයේ DNA දත්ත අධ්‍යයනය කිරීම, ඊට ගැළපෙන ඖෂධ වර්ග තෝරා ගැනීම යන සියළු කටයුතු ඉතා වේගවත්ව සිදු කරනවා. පසුගිය කාලය පුරා මේ කෘතිම බුද්ධිමය යන්ත්‍ර මගින් කොරෝනා වෛරසය ගැන අධ්‍යයනය කර ඇති අතර ඊට යෙදිය හැකි පිළියම් තුනක් ඉදිරි සතිය තුළ නිකුත් කරන්නට Healx කණ්ඩායම බලාපොරොත්තු වනවා. මේ දක්වා මෙම පරීක්ෂණ මගින් සොයා ගත් තොරතුරු අනුව කොරෝනා වෛරසය මිනිස් මොළයේ පටල වලට හානි සිදු කරනවා. එමෙන්ම ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේම ප්‍රජනන පද්ධතියට ද හානි වීමට ඉඩ පවතිනවා. මේ ආකාරයට පූර්ව රෝග හඳුනා ගැනීමටත්, රෝග සඳහ ඖෂධ හඳුනා ගැනීමටත්, වෙන්ටිලේටර වැනි උපකරණ අවශ්‍ය රෝගීන් හඳුනා ගැනීමටත් ආදී වශයෙන් විවිධ අවශ්‍යතා සඳහා කෘත්‍රිම බුද්ධිමය යන්ත්‍ර වල දායකත්වය ලබා ගනිමින් සිටිනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න