Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ආහාර සොයා අමෙරිකානුවන් දිගු පෝලිම්වල

|Tue,05 March 2020|Security| Page Views :

කොරෝනා වෛරසයෙන් ලොව වැඩිම බලපෑමක් එල්ලවී ඇති රට වන අමෙරිකාවෙන් ඊයේ දිනයේදී මරණ 1,154ක් වාර්තා වී තිබුණි.

ඒ සමග එරට සමස්ත මරණ සංඛ්‍යාව 68,593 දක්වා ඉහළ ගිය අතර තහවුරු කරගෙන ඇති සමස්ත ආසාදිතයන් ගණන එකොළොස් ලක්ෂ අසූ හත්දහසකට අධිකයි.

වෛරස ව්‍යාප්තියත් සමග අමෙරිකාවේ මිලියන 30ක පමණ පිරිසකට රැකියා අහිමිව ඇති අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු පුණ්‍යායතනවලින් ආධාර ලබාගැනීමට දැන් යොමුව තිබේ.

ආහාර ලබාගැනීම සඳහා දෛනිකව බොහෝ පිරිසක් පැමිණීම හේතුවෙන් එරට විශාලතම ආහාර බැංකුව වන ටෙක්සාස් හි හූස්ටන් ආහාර බැංකුව අසල දිගු වාහන පෝලිම් ද දක්නට ලැබෙයි.

එම ආයතනයේ බලධාරීන් පවසන්නේ, සාමාන්‍යයෙන් වර්ෂයකදී ආහාර රාත්තල් මිලියන 80ක් පමණ මෙමගින් නිකුත් කෙරුණත් කොවිඩ් වෛරස ව්‍යාප්තිය සමග දිනකට ආහාර රාත්තල් මිලියනයක් පමණ නිකුත් කිරීමට සිදුව ඇති බවයි.

චීනය විසින් වෛරසය රසායානාගාරයක් තුළ නිපදවූවක් බවට අමෙරිකාව දිගින් දිගටම චෝදනා කරමින් සිටින අතර ඒ බව රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයො රූපවාහිනී නාලිකාවක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදීද පවසා තිබේ.

කෙසේ වෙතත් ඉන් සුළු මොහොතකට පසුව රාජ්‍ය ලේකම්වරයා පවසා සිටියේ වෛරසය මිනිසා විසින් නිපදවූවක් නොවන බවට අමෙරිකානු බුද්ධි අංශ පසුගිය සතියේ නිකුත් කළ ප්‍රකාශය ද තමන් පිළිගන්නා බවයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න