WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

යුක්‍රේනයේ වෙඩි තැබීමකින් පුද්ගලයින් 6දෙනෙකු මරුට

2026 April 19- Page Views : 6

යුක්‍රේනයේ කියෙව් අගනුවර සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි. මාර්ගයේ සිටි පුද්ගලයින් පිරිසක් ඉලක්ක කර ගනිමින් කිසියම් පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර පසුව වෙඩික්කරු අසල පිහිටි සුපිරි වෙළදසැළක් තුළට ගොස් එහි සිටි පිරිස ප්‍රාණ ඇපයට තබා ගෙන ඇති බව සඳහන් වෙයි. ඉන් අනතුරුව පොලීසිය විසින් සිදුකළ වෙඩි තැබීමෙන්, වෙඩි තැබීම සිදුකළ සැකකරු ද මියගොස් ඇති බව සඳහන් වෙයි. මේ අතර වෙඩි වැදීමෙන් 12 හැවිරිදි දරුවෙකු ඇතුළු 14 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.