Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

භයානක ඩෙංගු ප්‍රභේද 04 ම ශ්‍රී ලංකාවේ පැතිරෙයි

|Fri, 30 July 2021|Miscellaneous| Page Views :

මේවනවිට මෙරට තුළ ඩෙංගු වෛරස් කාණ්ඩ 04 ම සංසරණය වන බව නවතම පරීක්ෂණයකින් අනාවරණ වී තිබේ. ඉන් වෛරස් කාණ්ඩ 02 සහ 03, ප්‍රදේශ රැසක වැඩිවශයෙන් සංසරණය වන බවයි එහිදී හෙළිවී ඇත.

වසර කිහිපයකට පසුව ඩෙංගු වෛරස් කාණ්ඩ 01, නැවතත් මෙරට තුළ සංසරණය බව බව ද එම පරීක්ෂණයේදී තහවුරු වී තිබේ. මෙම කරුණු හෙළිවී ඇත්තේ ජාතික ඩෙංගු මර්දන ඒකකය, වෛද්‍ය පර්යේෂණ ආයතනය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ ආයතනය එක්ව සිදුකළ පරීක්ෂණයකදීයි. මෙරට තුළ සංසරණය වන ඩෙංගු වෛරස් ප්‍රභේද හඳුනා ගැනීම එම නියැදි පරීක්ෂණයේ අරමුණයි.

ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ මෙලෙස සංසරණය වන වෛරස් කාණ්ඩවල වෙනසක් සිදුවන අවස්ථාවන්හිදී ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක් අපේක්ෂා කරන බවයි. මෙම වසරේ ගතවූ කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 16,497 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් සියයට 70 ක්ම බස්නාහිර පළාතෙන් වාර්තා වීම විශේෂත්වයකි.

මෙලෙස ඩෙංගු රෝගීන් වැඩිවීමට ප්‍රධාන හේතු 02 ක් බලපා ඇතැයි ප්‍රජා වෛද්‍ය විශේෂඥ හිමාලි හේරත් වැඩිදුරටත් පැවසුවාය.රට තුළ කොවිඩ් වසංගත තත්ත්වයක් පවතින අවස්ථාවක නැවත ඩෙංගු රෝගයේ වර්ධනයක් ඇතිවුවහොත් එය සමස්ථ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අඛණ්ඩ ක්‍රියාකාරීත්වයට බලපාන බැවින් ජනතාවගේ කැපවීම මේ මොහොතේ අත්‍යවශ්‍ය බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කළේය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න