Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දෙවන දිනටත් දෛනික එන්නත්කරණය මාත්‍රා ලක්ෂ 5 ඉක්මවයි

|Sat, 31 July 2021|Miscellaneous| Page Views :

දෙවන දිනටත් මෙරට පුද්ගලයින් 500,000 ඉක්මවූ පිරිසක් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීම සිදුකර තිබේ.ඒ අනුව 513,820 දෙනෙකු සඳහා ඊයේ (30) දිනයේ කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලබාදීම සිදුකර ඇති අතර බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

ඊයේ දිනයේ දී මෙරට පුද්ගලයින් 515,830 දෙනෙකු සඳහා එන්නත්කරණය සිදුකර ඇති අතර, එය දිනක් තුළ මෙරට ලබාදී ඇති වැඩිම එන්නත් මාත්‍රා ගණන ද වේ.

මේ අතර, ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 728,460ක් අද (31) පස්වරුවේ ජපානයේ සිට මෙරටට ලැබීමට නියමිතය.මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසා සිටියේ, ඒ හා සමාන තවත් එන්නත් තොගයක් ලබන සෙනසුරාදා මෙරට ට ලැබීමට නියමිත බවය.

ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලබාදීමේ දී පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සඳහා ප්‍රමුඛතාව ලබාදෙන බව ද ඔහු පැවසීය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න