WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

දරුවා ඉදිරියේම මවට අත්වූ අවාසනාවන්ත ඉරණම

2022-11-25 11:56:48- Page Views : 358

සිය දරුවා රැගෙන පාසලට ගොස් නැවත නිවසට යමින් සිටි මවක් අමානුෂික ලෙස ගෙළ කපා ඝාතනය කර තිබේ.

මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තාවන්නේ පොල්පිතිගම තල්පත්වැව ප්‍රදේශයෙනි.

පොලීසිය පවසන්නේ ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ සැමියා සොයා මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බවය.

සිය දරුවා සමඟ බිරිඳ එන මග හරස්කර ඇති සැකකරු එහිදී මෙම අමානුෂික ප්‍රහාරය එල්ළකර තිබේ.

එහිදී බරපතළ තුවාල ලැබූ කාන්තාව රෝහල්ගතකරනවිටත් ජීවිතක්ෂයට පත්ව ඇත.

දෙදෙනා අතර ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවට පොලීසිය සැකපළකරයි.