WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කතගෙන් පලි ගන්න පාසල් කැන්ටිමේ කුඩු තියලා

2022 December 08- Page Views : 9

මල්වතුහිරිපිටිය ප්‍රදේශයට නුදුරු මහ විදුහලක ආපනශාලාවක තිබිය දී ඉකුත් පස්වැනිදා සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය පැකට් 7 සහ මත් කරල් 37ක පමණ තොගය ආපනශාලාවේ සඟවා එය පවත්වාගෙන යන කාන්තාව පොලිසියට කොටුකර දීමට සැලසුම් කරන ලද්දක් බවට තොරතුරු පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

විදුහලේ ආපනශාලාවේ මේවා සඟවා කාන්තාව පොලිසියට කොටුකර දීමට සැලසුම් කළ බව කියන පුද්ගලයා සහ ඊට හවුල් වූ අය ගැන ද තොරතුරු පරීක්ෂණවලින් හෙළිවී ඇතැයි ද ඉහළ පෙළේ පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙය සැලසුම් කළ පුද්ගලයා සහ ඊට හවුල් වූ අය ද අත්අඩංගුවට ගැනීමට බස්නාහිර උතුර දිසා භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත පොලීසිය පරීක්ෂණ පවත්වයි.

මත්කරල් හා අයිස් මත්ද්‍රව්‍ය ආපනශාලාවේ සඟවා එම ආපනශාලාව සෝදිසි කර ඒවා සොයා ගනු ලැබ ඇත්තේ ද ගම්පහ කොට්ඨාසය යටතේ පාලනය වන පොලිසියක රාජකාරි කරන උප පොලිස් පරීක්ෂකවරයකු විසින් බවට තොරතුරු අනාවරණය වී ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.

ආපනශාලාවේ කාන්තාව කොටුකර දීමට සැලසුම් කළ බව කියන පුද්ගලයා සහ මෙම උපපොලිස් පරික්ෂක සමීප මිතුරන් බව ද දැන ගැනීමට ඇතැයි පොලිස් ආරංචිමාර්ගවලින් වාර්තාවේ.

මෙය සැලසුම් කළ පුද්ගලයා කළ බව කියන ඉල්ලීමක් අනුව උපපොලිස් පරීක්ෂක මෙයට මැදිහත් වී ඇති බව මෙතෙක් කරන ලද පරීක්ෂණවලින් පෙනී ගොස් ඇතැයි එම පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙම උප පොලිස් පරික්ෂක සම්බන්ධයෙන් ද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.