WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

දකුණු කොරියානු ආර්ථිකය ගොඩදාන BTS

2026 June 23- Page Views : 6

මේ වන විට ලොව පුරා උන්මාදයක් බවට පත්ව ඇති BTS හැදින්වීමට ද දකුණු කොරියානු මූල්‍ය සේවා සමාගමක් වන NH Securities විසින් “Bangtan-nomics” (බැන්ග්ටැන් නොමික්ස්) ලෙස නව වචනයක් හඳුන්වා දී තිබේ.

ඔවුන් මෙම වචනය නිර්මාණය කර ඇත්තේ BTSහි කොරියානු නාමය වන “බැන්ග්ටැන් සෝන්‍යොන්දන්” යන වචනයෙහි “Bangtan” (බැන්ග්ටැන්) සහ “Economics” යන වචනයන් හි එකතුවෙනි.

එම සමාගම පෙන්වා දෙන්නේ BTS රසිකයන්ගේ වියදම් රටාව ආරම්භ වන්නේ අන්තර්ජාලය ඔස්සේ රසිකත්වය දැක්වීමෙන් බවය.

එය පසුව music streaming, ඇල්බම් සහ නිල භාණ්ඩ මිලදී ගැනීම් දක්වා වර්ධනය වන බවද සඳහන්.

පසුව කොරියානු රූපලාවන්‍ය නිෂ්පාදන, ආහාර, විලාසිතා සහ අවසානයේ සංචාරක කර්මාන්තය දක්වා ව්‍යාප්ත වේ.

ඔවුන් විසින් මැයි මාසයේ නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වූයේ BTS රසික සමූහය වන BTS ARMYහි ගෝලීය සාමාජිකයන්ගෙන් 84%ක් යොවුන් වයස් කාණ්ඩයන් හි පසුවන බවත් කාලයත් සමඟ ඔවුන්ගේ ආදායම් සහ වියදම් කිරීමේ හැකියාව වැඩි වන විට, ඔවුන් දකුණු කොරියාවේ සංචාරය කරමින් රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙන බවට පුරෝකතනය කළ හැකි බවත් ය.

NH Securities අනාවැකි පළ කරන්නේ 2040 වන විට BTS හරහා දකුණු කොරියාවේ දළ දේශීය නිෂ්පාදිතයට (GDP) වාර්ෂිකව සියයට 0.35ක පමණ දායකත්වයක් ලැබිය හැකි බවය.

2024 වසරේ දකුණු කොරියාවේ නාමික දළ දේශීය නිෂ්පාදිත අගය මත පදනම්ව ගණනය කළ විට, එය ඇමරිකානු ඩොලර් බිලියන 6.58කට ආසන්න වටිනාකමක ගනු ලැබේ.

දකුණු කොරියානු මාධ්‍ය වාර්තාවලට අනුව “Bangtan-nomics” (බැන්ග්ටැන් නොමික්ස්) සංකල්පයට සහය දක්වන ආරම්භක දත්ත දැනටමත් දක්නට ලැබෙන බවට නිරීක්ෂණය වී තිබේ.

ඒ අනුව අප්‍රේල් පැවති BTS Come back ප්‍රසංගයට සහභාගී වූ විදේශීය රසිකයන් සාමාන්‍ය සංචාරකයන්ට වඩා වැඩි කාලයක් එරට රැඳී සිට ඇති අතර, වැඩි මුදලක්ද වියදම් කර ඇත.

මෙය 2019 දී කොරියා විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර ව්‍යාපාර හා ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වන Pyun Ju Hyun (පියොන් ජු හෙයොන්) විසින් සිදු කළ පර්යේෂණයකින් ද තහවුරු වී තිබේ.

එම පර්යේෂණයෙන් හෙළි වී ඇත්තේ දකුණු කොරියාවේ මෙතෙක් පැවති BTS ප්‍රසංග සඳහා අතිවිශාල විදේශීය සංචාරකයින් පිරිසක් එරටට ආකර්ෂණය වී ඇති අතර ඔවුන් රට තුළ අමතර ආර්ථික ක්‍රියාකාරකම් සහ වියදම් ජනනය කර ඇති බවය.

එමෙන්ම සෝල් නගරයේ ප්‍රසංගවලට සහභාගී වූ විදේශීය රසිකයන් අතර සිදු කළ සමීක්ෂණයකදී හෙළි වී ඇත්තේ ඔවුන්ගෙන් 98%ක්ම ඉදිරි වසර පහ තුළ නැවත සෝල් නගරයට පැමිණීමට අදහස් කරන බවය.

කෙසේ වෙතත්, BTS සහ සමස්ත “Hallyu” (හලෙලු) හෙවත් කොරියානු සංස්කෘතික රැල්ල දකුණු කොරියාවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයට දායක වනු ඇතැයි අපේක්ෂා කළ හැකි වුවද, එය අනිවාර්යයෙන්ම මෙලෙසම ඉදිරියට යනු ඇතැයි සිතීමට ප්‍රායෝගික කරුණු බලපෑම් එලල් කළ ද, “Bangtan-nomics” (බැන්ග්ටැන් නොමික්ස්) යනු සම්පූර්ණයෙන්ම මනඃකල්පිත සංකල්පයක් නොවන බව විශේෂඥයන්ගේ මතය වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Sanctuary Counsel ආයතනයේ කළමනාකාර හවුල්කරු සහ Soft Power විශේෂඥ Jonathan McClory (ජොනතන් මැක්ලෝරි) සඳහන් කළේ දකුණු කොරියානු සිනමාව, රූපවාහිනී නිර්මාණ, රූපලාවන්‍ය කර්මාන්තය සහ ආහාර සංස්කෘතිය සමඟ එක්ව BTS ද රටට දිගුකාලීන ආර්ථික බලයක් ලබා දිය හැකි බවය.

ඔහු වැඩිදුරටත් පවසන්නේ BTS යනු “ඉතා සාර්ථක පරිසර පද්ධතියක ඉතා සාර්ථක කොටසක්” බවය.