WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අනියම් බාප්පාගේ පහරින් හය හැවිරිදි සිඟිත්තෙක් මරුට

2022 December 13- Page Views : 1187

මවගේ අනියම් සැමියාගේ පහරකෑමට ලක් වූ 6 හැවිරිදි කුඩා දරුවකු අද (13) අළුයම ගම්පහ මහ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි ගම්පහ පොලිසිය පවසයි.

ගම්පහ, පහලගම ප්‍රදේශයේ පදිංචි ඉඳුනිල් චතුරංග නැමැති කුඩා දරුවා මෙසේ ඝාතනය කර තිබේ.

පහරදීමක් සම්බන්ධයෙන් ගම්පහ පොලිසියේ රාත්‍රී ජංගම සංචාරක නිලධාරීන්ට ලද තොරතුරක් මත දරුවා පදිංචිව සිටි පහලගම ප්‍රදේශයේ පිහිටි නිවසට ගොස් එම දරුවාව ගම්පහ රෝහලට ඇතුළත් කිරීමට පොලිස් නිලධාරින් අද අළුයම 2.30 ට පමණ කටයුතු කර තිබූ බව පොලිසිය කියයි.

දරුවා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බවත් එම දරුවාගේ මවගේ අනියම් සැමියා වු සැකකරුව ගම්පහ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය පවසයි .

ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක අකිල රණසිංහ මහතාගේ අධීක්ෂණයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරන පොලිසිය වැඩිදුරටත් සදහන් කරයි .