WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ජැකලින් ට එරෙහිව කෝටි 200ක අපහාස නඩුවක්

2022 December 13- Page Views : 11

ඉන්දීය රංගන ශිල්පිනියක් සහ නර්තන ශිල්පිනියක් වන නෝරා ෆතේහි විසින් රංගන ශිල්පිනී ජැකලින් ෆර්ඩිනැන්ඩස්ට එරෙහිව අපහාස නඩුවක් ගොනුකර තිබේ.

ඉන්දීය රුපියල් කෝටි 200ක වන්දියක් ඉල්ලා එම අපහාස නඩුව ගොනුකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

තමන් සම්බන්ධයෙන් ද්වේශ සහගත චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශ කර ඇති බවට නෝරා ෆතේහි විසින් ජැකලින් ෆර්ඩිනැන්ඩස්ට එරෙහිව චෝදනා එල්ල කර තිබේ.

සුකේෂ් චන්ද්‍රසේකර්ට සම්බන්ධ ඉන්දීය රුපියල් කෝටි 200කට අධික මුදල් විශුද්ධිකරණ සිද්ධියට අදාළ නඩුවේදී ජැකලින් විසින් එම අපහාස කිරීම සිදුකර ඇති බව නෝරා සිය පෙත්සම මගින් පෙන්වා දී ඇත.

සුකේෂ් චන්ද්‍රසේකර්ට අදාළ මුදල් විශුද්ධිකරණ නඩුව සම්බන්ධයෙන් පසුගිය සැප්තැම්බර් මස 15 වන දින නෝරා ෆතේහිගෙන් ද පැය 04කට අධික කාලයක් දිල්ලි පොලීසිය විසින් ප්‍රශ්න කර තිබේ.