WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

බ්‍රිතාන්‍ය යුවළ හෙළ කුල සිරිතට යුග දිවියට

2022 December 13- Page Views : 10

බ්‍රිතාන්‍ය යුවළක් සිංහළ සංස්කෘතියට අනුව කළුතර කටුකුරුන්දේ දී යුග දිවිය ඇරැඹූහ. එංගලන්තයේ ලෙස්ටසයර් ප්‍රාන්තයේ පදිංචි 56 හැවිරිදි Rupert Julian සහ 53 හැවිරිදි Nicky Jane නැමැති යුවළ මෙසේ විවාහ ගිවිස ගත්හ .

උඩරට නර්ථන ශිල්පීන් පෙරටු කරගනිමින් කන්ද විහාරයේ කුමාරි හස්තියාගේ පිටින් යුවළ හෝටලයට පැමිණියහ.

සිංහළ චාරිත්‍ර වලට අනුව ජයමංගල ගී ගයද්දී පෝරුවේ චාරිත්‍ර සිදුකර විවාහ ගිවිස ගත්තේය.

කළුතර කටුකුරුන්ද වෙරළ ආසන්නේ පිහිටි සංචාරක හෝටලයක පැවති විවාහ මංගල උත්සවයට දෙස් විදෙස් සමීප හිතවතුන් කිහිප දෙනෙක් සහභාගි වී සිටියහ.

කොරෝනා වසංගතයෙන් පසු ලංකාවේ පැවැත්වෙන පළමු විදෙස් විවාහ මංගල උත්සවය බව සදහන් වේ.

ලංකාවේ තත්ත්වය හොදයි සංචාරයට එන්න ආරාධනා කරන බව Rupert Julian මහතා පැවසීය.