WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කතට පහරදුන් මේ කත කවුද

2022 December 14- Page Views : 8

කොල්ලුපිටිය ගාලු පාරෙදි සුඛෝපභෝගී මෝටර් රථයක් ගැටීමෙන් තීරෝද රථයක රියදුරු මියයාමෙන් අනතුරුව එම මෝටර් රථයේ පැමිණි කාන්තාවකට අමානුෂික ලෙස මහමඟ දමා ගෙන පහර දුන් බව කියන ප්‍රධාන සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය අපේක්ෂා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
(br) සිද්ධියෙන් ගොස් තිබුණේ කහතුඩුව පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි පහරදීමේ සිද්ධියට සම්බන්ධ පෞද්ගලික සනීපාරක්ෂක සේවාවක කාන්තාවන් දෙදෙනකු ඉකුත් 10 වැනි දින අත්අඩංගුවට ගෙන මේ වන විට රිමාන්ඩ් බාරයට පත්කර ඇතැයි මාධ්‍ය ප්‍රකාශක වරයා කීය.
(br) එම කාන්තාව සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් සහකාර පොලිස් අධිකාරි ( කොළඹ දකුණ) 0718591578 ස්ථානාධිපති කොල්ලුපිටිය 0718591579 රථවාහන අංශයේ ස්ථානාධිපති කොල්ලුපිටිය 0718594455 දුරකථන අංක වලට දැනුම් දෙන ලෙස පොලීසිය පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.