WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

දරු තිදෙනාට වස පොවා තමනුත් බොන්න හැදු මව පොලිසියට බාරදීලා

2022 December 15- Page Views : 8

සිය සැමියා තමන්ට සහ දරුවන් තිදෙනාට යුතුකම් ඉටුනොකරන බව සහ පවතින ආර්ථික ගැටලු සඳහා මුහුණදීමට නොහැකි බව පවසමින්, දරු තිදෙනාට වස පොවා තමන්ද සියදිවි හානිකර ගැනීමට තැත් කළ මවක ප්‍රදේශවාසීන් විසින් මතුරට පොලිසියට 12 රාත්‍රියේ බාරදෙනු ලැබූ බව පොලීසිය කියයි.

මෙසේ සිය දරුවන්ට වස පොවා සියදිවි හානිකර ගැනීමට තැත්කර ඇත්තේ මතුරට පොලිස් වසමේ මතුරට එළමුල්ල ප්‍රදේශයේ 25 හැවිරිදි කාන්තාවකි. ඇයගේ සැමියා ස්ථිර රැකියාවක නිරතව නොමැති අතර ප්‍රදේශයේ දේවාලයක කපුවකු ලෙස කටයුතු කරන අයෙකි.මෙම යුවළට වයස අවුරුදු පහේ හයේ දියණියන් දෙදෙනෙක් සහ වයස අවුරුදු 1යි මාස හයක පිරිමි දරුවෙක් සිටිති.

මෙම කාන්තාවට සහ දරුවන්ට ස්වාමියා නිසි ලෙස යුතුකම් ඉටු නොකරන බැවින් සහ පවතින ආර්ථික ගැටලුවලට මුහුණදීමට නොහැකි බැවින් මෙසේ සියදිවි හානිකරගැනීමට උත්සාහ කළ ඇය පොලීසියට පවසා ඇත. පොලිස්භාරයට ගත් මවට සහ දරුවන් තිදෙනාට මතුරට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.කේ. ගුණසේකර මහතාගේ උපදෙස් පරිදි එහි නිලධාරින් ආහාර පානාදියෙන් සත්කාර කර තිබේ. එම කාන්තාවගේ ස්වාමි පුරුෂයා පොලිසියට කැඳවීමටද පියවරගෙන තිබිණි.

මේ සම්බන්ධව නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධි උඩුගමසූරිය මහතාගේ උපදෙස් පරිදි වලපනේ සහකාර පොලිස් අධිකාරි අනුර බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් මතුරට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.කේ. ගුණසේකර මහතාගේ මූලිකත්වයෙන් ළමා හා කාන්තා කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.