WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කිලෝමීටර් 20ක් හඹා ගොස් මාල කොල්ලකාරයන් අල්ලලා

2022 December 17- Page Views : 9

යතුරුපැදියකින් ගොස් මහමග ගමන් කරන කාන්තාවන්ගේ ගෙල බැඳි රන් මාල කඩාගෙන යෑමේ නිරතව සිටි බව කියන පුද්ගලයන් දෙදෙනකු පසුපස කිලෝමීටර් 20ක පමණ දුරක් ලුහුබැඳ ගොස් බලවත් පරිශ්‍රමයක් යොදා වෙන්නප්පුව, උදාසිරිගම පොලිසියේ නිලධාරීන් දෙදෙනකු විසින් ඔවුන් මීගමුව, කොච්චිකඩේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගන්නා ලදී. මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ උදාසිරිගම පොලිසියේ උපපොලිස් පරීක්ෂක මනෝජ් සුබසිංහ සහ පොලිස් කොස්තාපල් ජයසූරිය 67023යන මහත්වරුන් විසිනි.

පොලිස් නිලධාරීන් දෙදෙනා පලා යන පුද්ගලයින් දෙදෙනා සමීපයට පැමිණෙන අවස්ථාවකදීම පසුපස අසුනේ සිටින සැකකටයුතු පුද්ගලයා ඔහු අත තිබෙන කඩුවකින් පොලිස් නිලධාරීන් දෙදෙනාට කෙටීමට උත්සාහ කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මීගමුව, කොච්චිකඩේ, බඩල්ගම පොලිස් වසමේ මුරුතාන ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනා සැකකරුවන් දෙදෙනා ගමන් ගත් යතුරුපැදිය ඉස්සර කර ගොස් මාර්ගය හරහා දමා ඇතැයි පොලිසිය කීය. මේ හේතුව නිසා සැකකරුවන් දෙදෙනා පැමිණි යතුරුපැදිය මාර්ගයේ පෙරළී ඇති අතර, පසුව ඔවුන් යතුරුපැදිය ද අතහැර දමා පලා යන්නට පටන් ගෙන ඇත.

ප්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව පළා යමින් සිටි සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් දෙදෙනා සමත්ව තිබේ.සැකකරුවන් දෙදෙනා පසුපස පන්නාගෙන ආ පොලිස් නිලධාරීන් දෙදෙනා පැමිණි යතුරුපැදියේ මීටරය පරීක්ෂාකර බැලීමේදී කිලෝමීටර් 20ක දුරක් පැමිණ ඇති බව නිරීක්ෂණය වී තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේ දී වෙන්නප්පුව, සහ දන්න්කොටුව යන පොලිස් වසම්වල දී කාන්තාවන්ගේ ගෙල බැඳි රන් මාල තුනක් කොල්ලකාගෙන පලා යෑමේ සිද්ධීන් ගැන තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.