අදානි ලොව අංක තුනට
2022 December 18- Page Views : 8
මෙම වසරේ වැඩිම අදායමක් උපාය ගත් පුද්ගලයන් අතර පෙරමුණේ සිටින්නේ ගෞතම් අදානි බව බ්ලූම්බර්ග් 50 සය වෙනි වාර්ෂික වාර්තාව පෙන්වා දී තිබේ.
මෙම වසරේදී පමණක් ඔහු තම ධනය ඇමෙරිකානු ඩොලර් බිලියන 49 කින් වැඩි කර ගැනීමට සමත්ව ඇතැයි එම වාර්තාවේ සඳහන් වී ඇත.ඒ හේතුවෙන් ඔහු බිල් ගේට්ස් සහ වොරන් බුෆේද අභිබවා යාමට සමත්ව ඇත. එන්.ඩී.ටී.වී මාධ්‍ය ජාලයේ සහ හොල්සිම් සිමෙන්ති සමාගමේ පාලනය තමන් යටතට ගැනීම මෙම වසරේ ඔහු ගත් සාර්ථක ව්‍යාපාරික තීරණ බව එම වාර්තාව පෙන්වා දී තිබේ.
ගෞතම අදානි ලොව ධනවත් පුද්ගලයන් අතර තෙවැනි ස්ථානය හිමිකරගෙන සිටින අතර ඔහුට ඉදිරියෙන් සිටින්නේ ඉලෝන් මසක් සහ බර්නාර්ඩ් ආර්නොල්ට් පමණි.