WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පොලිසියට තග දැමූ කෝප්‍රල් ඇතුළු හතරක් අල්ලයි

2022 December 21- Page Views : 11

"ජනාධිපති ආරක්ෂක අංශයේ මම ඉන්නේ", "ඔයාලට වඩා නීතිය ගැන මම දන්නවා" යැයි පවසමින් බණ්ඩාරගම පොලිසියේ රථවාහන අංශයේ රාජකාරියේ නියුතු කොස්තාපල්වරුන් දෙදෙනකුගේ රාජකාරියට බාධාකළ යුද හමුදා කෝප්‍රල්වරයකු ඇතුළු සිව්දෙකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර කාර්මිකයකු, වඩු කාර්මිකයකු, සහ රාජ්‍ය ආයතනයක රැකියාව කරන්නකු ද වන බව පොලිසිය කියයි.

සැකකාර කෝප්‍රල් කෝප්‍රල්වරයා පාදුක්ක හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන්නකු බව පොලීසිය කියයි.

සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.