WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

හූනෙක් පවුලක් වනසයි

2022 December 29- Page Views : 1187

නයිජීරියාවේ ඔගුන් ප්‍රාන්තයේ සය දෙනකුගෙන් යුත් පවුලක් හූනෙකු හේතුවෙන් මියගොස් තිබේ.මෙසේ මියගොස් ඇත්තේ ජෝන් සැමුවෙල් නම් පුද්ගලයකු ඔහුගේ බිරිඳ, දරුවන් දෙදෙනා සහ තවත් නෑදෑයින් දෙදෙනෙකි.

සැමුවෙල් පදිංචි නිවසෙන් කිසිඳු ශබ්දයක් පිට නොවීම නිසා අසල්වැසියන් දොර කඩා ඇති අතර එම අවස්ථාවේ සැමුවෙල් ඇතුළු පිරිස එක් එක් කාමරවල මියගොස් සිටින අයුරු දැකගත හැකි වී ඇත.ඔවුන් නිදා සිටි අයුරින් සිට ඇති අතර ඒ හේතුවෙන් ඔවුන් නින්දේදී මියගොස් ඇතැයි විශ්වාස කළ හැකි බව ඇසින් දුටු සාක්ෂිකරුවකු පවසා ඇත . රාත්‍රී ආහාර ගැනීමෙන් පසු මොවුන් මියගොස් ඇති බවත් මරණයට හේතුව ආහාර විෂවීමක් බවත් නයිජිරියානු පොලිසිය විමර්ශන වලදී අනාවරණය කර ගෙන තිබේ.

අසල්වැසියන් නිවස පරික්ෂා කරන විට සැමුවෙල් ඇතුළු පිරිස රාත්‍රී අහාරයට ගත් සුප් භාජනයේ සිටි මැරුණු හූනෙකු සොයා ගත් බවත් මරණයට හේතුව එම හූනා බවත් නයිජීරියා මාධ්‍ය වාර්තා කර තිබේ.