WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

හෝටලයට යන පාර නොකී ඒ.එස්.පී. ගුටි පූජාවක්

2022 December 30- Page Views : 8

හෝටලයකට යන මාර්ගය ගැන කිව්වේ නැතැයි කියමින් සහකාර පොලිස් අධිකාරීවරයකුට පහර දුන් බව කියන තරුණයෝ දෙදෙනෙක් ගල්කිස්ස මූලස්ථාන පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

පහරකෑමට ලක්ව තුවාල ලැබූ සහකාර පොලිස් අධිකාරීවරයා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

රාජකාරි කටයුතුවලින් බැහැරව සිටි සහකාර පොලිස් අධිකාරිවරයා ඔහුගේ මිතුරෙකු හමු වී රාත්‍රී ආහාරය ගෙන බස් රථයකට ගොඩ වීමට ගාලුපාරට පැමිණීමට ද සේරම පාර ඔස්සේ පා ගමනින් පැමිණෙමින් සිටි අතරවාරයේ කාර් රථයකින් පැමිණි තරුණයන් දෙදෙනකු හෝටලයක නමක් කියා එම හෝටලයට යන පාර විමසා ඇතැයි පොලිසිය සඳහන් කරයි.

නාදුනන පුද්ගලයන් දෙදෙනකු වීම නිසා සහකාර පොලිස් අධිකාරීවරයා ඔවුනට පිළිතුරු දීමට නොගොස් ඉදිරියට ගමන් කරමින් සිටි අතරවාරයේ කාර් රථයෙන් බැස ආ තරුණයන් දෙදෙනා සහකාර පොලිස් අධිකාරීවරයාට පහර දී ඇතැයි ද එම උසස් පොලිස් නිලධාරියා කීය.

සහකාර පොලිස් අධිකාරිවරයා සතුව තිබූරාජකාරි ගමන් කථනය ද අස්ථානගත වී ඇති අතර පසුව එහි බැටරිය සහ ඇන්ටෙනාව පොලිසිය සොයා ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අවුරුදු 20 සහ 25 අතර වයසේ පසුවන බොරලැස්ස සහ අත්තිඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති

ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යයි