WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ගෝඨාගේ නිවසේ ආරක්ෂවට සිටි සැරයන්ට වෙඩි තියන්න හදලා

2023 January 08- Page Views : 9

මිරිහාන ප්‍රදේශයේ පිහිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසේ ආරක්ෂක රාජකාරියේ යොදවා සිටි පොලිස් සැරයන්වරයකු ට ටී56 ස්වයංක්‍රිය ගිනි අවියකින් වෙඩි තැබීමට උත්සාහ කළේ යැයි කියන එම සැරෙන්වරයා සමග ආරක්ෂක රාජකාරි යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඔහුට රාජකාරි සඳහා නිකුත් කර තිබූ එම ගිනි අවිය ද පොලිස් බාරයට ගෙන ඇත.

සැකකාර කොස්තාපල්වරයාට ගිනි අවිය සමග ජීව උණ්ඩ තිහක්ද නිකුත් කර තිබූ අතර එයින් එක උණ්ඩයක් අස්ථානගත වී ඇති නිසා එම උණ්ඩයට සිදු වූයේ කුමක් දැයි යන්න සොයා ගැනීමට ද පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.