WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ලාංකික තරුණයෙක් ඉතාලියේදී අනතුරකින් මරුට

2023 January 12- Page Views : 1188

ඉතාලියේ හොරකොරසෙ වික්ටෝරියා මාර්ගයේ සිදු වූ මාරක රිය අනතුරකින් ශ්‍රී ලාංකික තරුණයකු මියගොස් 18 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි වාර්තා වේ

මෙසේ මියගොස් ඇත්තේ නාපෝලි නගරයේ පදිංචිව සිටි ශනිල්ක නිවන් දුල්ෂාන් නැමැති 20 හැවිරිදි තරුණයෙකි'

දුල්ෂාන් නැමැති තරුණයා පදවාගෙන ගිය යතුරු පැදියේ පසුපස අසුනේ ඔහුගේ මිතුරකු ගමන් කරමින් සිට ඇත

මෝටර් රථයක ගැටීමෙන් දුල්ෂාන් එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි ඉතාලියෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි

මෝටර් රථය පදවාගෙන ගිය විසි හැවිරිදි ඉතාලි ජාතික තරුණයා ද මෙම මාරක අනතුරින් බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇති බව ඉතාලියෙන් ලැබෙන එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.