WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කෝටි දෙක හමාරේ මැණික් සිහිනය බොඳ වේ

2023 January 13- Page Views : 9

පෞරාණික වටිනාකමක් ඇති බවට සැක කෙරෙන මැණික් ගලක් රුපියල් කෝටි හතරහමාරකට අලෙවි කිරීමට ගිය පුද්ගලයන් දෙදෙනකු මැදවච්චිය කැබිතිගොල්ලෑව මාර්ගයේ පිහිටි මහදිවුල්වැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කැබිතිගොල්ලෑව පොලිස් විශේෂ කාර්ය බලකා කාර්යාලය කියයි.

ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.එම්.බී.සී.රත්නායක මහතාට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ හදිසි වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත්තේ බිංගිරිය සහ මන්ඩාවෙල යන ප්‍රදේශවල පදිංචි කොන්ත්‍රාත් කරුවන් දෙදෙනෙකි.

පෞරාණික වටිනාකමක් ඇති මැණික් ගලක් මන්නාරම ප්‍රදේශයේ පුද්ගලයකුට විකිණීම සඳහා දෙදෙනකු කැබ්රථයකින් ඒ නවය මාර්ගයේ පැමිණෙන බවට විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට තොරතුරු ලැබී තිබිණි.

ඒ අනුව ඔවුන් මැදවච්චිය මහදිවුල්වැව ප්‍රදේශයේදී මාර්ගය හරස් කර කැබ් රථය නවතා සිදු කළ පරික්ෂාවේදී අදාල මැණික් ගල් සමග සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට හැකි වූ බව වැටලීමට එක්වු නිලධාරින් පැවසූහ.