මෙහෙකාර කතගේ පිහි පහරින් ස්වාමි දියණියට මරුට
2023 January 16- Page Views : 8
වැල්ලම්පිටිය ලංසියාවත්ත ප්‍රදේශයේ නිවසක මෙහෙකාරියක් වශයෙන් කටයුතු කළ කාන්තාවක් එම නිවෙස් හිමි කාන්තාවකට පිහියෙන් ඇන ඝාතනය කර ඇතැයි වැල්ලම්පිටිය පොලීසිය කියයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ (61)කාන්තාවක් බව පොලීසිය සඳහන් කරයි.
බහින් බස් වීමක් දුරදිග යාමෙන් ඉහත සැකකාරිය ගෙහිමි කාන්තාවට මෙලෙස පිහියෙන් ඇන ඇතැයි පොලීසිය සඳහන් කරයි.
සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ ගෙහිමි කාන්තාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
පිහි ඇනුම සිදුකළ සැකකාරියක් පලාගොස් ඇති අතර ඇය අත්අඩංගුවට ගැනීම සඳහා වැල්ලම්පිටිය පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.