දිය නාමින් සිටි ගැටව් දෙන්නාට පොලිස් සැරයන්වරයෙක් කැත වැඩක් කරලා
2023 January 16- Page Views : 9
දිය නාමින් සිටි පිරිමි ළමයන් දෙදෙනකුට ලිංගික අතවර කළැයි කියන පොලිස්සැරයන්වරයකු අද (16) අලුයම අත් අඩංගුවට ගත් බව වලස්මුල්ල පොලිසිය පවසයි.
අත් අඩංගුවට ගෙන ඇත්තේ ඕකෙවෙල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන වලස්මුල්ල ඕලුආර පදිංචි විවාහක සැරයන් වරයෙකි.
සැකකාර සැරයන්වරයා කලුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පුහුණුවක් ලබමින් සිටින අතර සති අන්ත නිවාඩුවට ගමට පැමිණ සිටියදි ඊයේ සවස තුනට පමණ වලස්මුල්ල ගල්වල නමැති ස්ථානයේ දියනාමින් සිටි පිරිමි ළමයෙන් දෙදෙනාට ලිංගික අතවර සිදු කළ බවට ලැබුණ පැමිණිල්ලක් අනුව අත් අඩංගුවට ගෙනඇත.
අතවරයට පත් 16හැවිරිදි සිසුන් දෙදෙනා වෛද්‍ය පරික්ෂණ සඳහා වලස්මුල්ල රෝහලට ඇතුලත් කර ඇත.