WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

නැටුම් ගුරුවරියගෙන් අලුත් වන්නමක්

2023 January 19- Page Views : 1187

ගම්පහ ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක නැටුම් අංශය බාර ගුරුවරියක නැටුම් කණ්ඩායමේ සිසුවියන් ජර්මනියට යැවීමට බව පවසා මව්පියන්ගෙන් මුදල් ලබා ගත්තේ යැයි චෝදනාව මත අත් අඩංගුවට ගත් බව ගම්පහ පොලීසි සදහන් කරයි.

මෙම ආචාර්යවරියට ලක්ෂ ගණනින් මුදල් ලබාදීම සම්බන්ධයෙන් පැමිණිලි හතරක් දැනට ලැබී ඇති බවත් රුපියල් ලක්ෂ 50 ක් පමණ වංචා කොට ඇති බව අනාවරණය වී ඇති බවත් පොලීසිය පවසයි.

49 හැවිරිදි මෙම කාන්තාව සිසුවියන්ගේ මව්පියන්ගෙන් රුපියල් ලක්ෂ පහ , හය ආදී වශයෙන් මුදල් ලබාගෙන ඇති බවට පැමිණිලි ලැබී තිබෙන බවද පොලීසිය කියයි.