WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

සබරගමුව මහ සමන් දේවාලයේ පඬුරු සොරකම් කිරීමේ විමර්ශන සී.අයි.ඩී.යට

2023 January 20- Page Views : 26

සබරගමුව මහ සමන් දේවාලයේ පඬුරු කාමරයේ තිබූ මුදල් සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ සිදුකිරීමට පොලිස්පතිවරයා නියෝග කර තිබෙනවා.

පසුගිය 08 වනදාත්, 09 වනදාත් අතර කාලසීමාවේ මෙම සොරකම සිදුව ඇති බවටයි දේවාලයේ භාරකාරත්වය පොලිසියට පැමිණිලි කර ඇත්තේ.

ඒ අනුව රත්නපුර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය මගින් විමර්ශන සිදුකර තිබුණා.

ඒ අනුව පුද්ගලයන් විසි දෙනෙකුගෙන් පමණ සිද්ධියට අදාළව ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

කෙසේ වෙතත්, සබරගමුව මහ සමන් දේවාලයේ මුදල් බහා තිබූ ගෝනි සහිත පඬුරු කාමරයේ සී.සී.ටී.වී. කැමරා සවිකර තිබී ඇතත්, ඒවා අක්‍රීය ව පැවති බවට විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.