හරක්කටාගේ අනියම් බිරිඳ 'ටීනා' හෙරොයින් සමඟ විශේෂ කාර්ය බලකා අත් අඩංගුවට
2023 January 20- Page Views : 1187
හරක්කටාගේ අනියම් බිරිඳ ටීනා හෙරොයින් සමඟ විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත් අඩංගුවට පත් වී තිබෙනවා.
ඒ පෙරේ දා (18) මහරගම පොලිස් වසමේ අංක 107/15 A1, උඩහේන පාර, මහරගම ලිපිනයේ දී සිදු කළ වැටලීමකින්.
අත් අඩංගුවට ගන්නා විට සැකකාරිය සතු ව හෙරොයින් ග්‍රෑම් 12යි මිලි ග්‍රෑම් 800ක් තිබුණු බව සඳහන්.
අත් අඩංගුවට ගෙන ඇත්තේ, මහරගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31ක කාන්තාවක්.
වැඩිදුර විමර්ශන කටයුතු තිහගොඩ පොලිසිය මඟින් මෙහෙයවනු ඇති.
මෙම කාන්තාවගේ ස්වාමිපුරුෂයා වන දිනේෂ් මදුසංඛ නොහොත් බුලා යන අය දැනට රක්ෂිත බණ්ධනාගාරගත ව සිටින අතර මෙම කාන්තාව ඝාතනයට ලක් වූ එම්.ඩබ්. මදුර ලක්ෂිත නොහොත් මිදිගම හිච්චි මල්ලි යන අය සමඟ ද අනියම් සබඳතාවත් පවත්වාගෙන ගොස් ඇති බව ද වාර්තා වනවා.