WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

වැලිගම ත්‍රිරෝදයක් දුම්රියේ ගැටී අයෙක් මරුට

2023 January 22- Page Views : 11

වැලිගම පොල් වත්ත දුම්රිය හරස් මාර්ගයේ දී ත්‍රීරෝද රථයක් දුම්රියේ ගැටීමෙන් බරපතළ තුවාල ලැබූ ත්‍රීරෝද රියැදුරා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තවත් අයකු බරපතළ තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කොට ඇතැයි වැලිගම පොලිසිය කියයි.

බෙලිඅත්ත සිට මරදාන දක්වා ධාවනය වූ ගාලු කුමාරි දුම්රිය වැලිගම දුම්රිය ස්ථානයට ආසන්නව ධාවනය වෙමින් තිබියදී පොල්වත්ත දුම්රිය හරස් මාර්ගයේදී මෙම අනතුර සිදුව තිබේ

මෙම අනතුරෙන් ත්‍රීරෝද රථයේ රියදුරු වන අධිකාරිවිලගම, කිරිමැටිමුල්ල, තෙලිජ්ජවිල ප්‍රදේශයේ පදිංචි (38 ) විතානගේ දම්මික දේශප්‍රිය නමැති අය බරපතළ තුවාල ලබා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර පිටුපස ගමන් කළ තෙලිජ්ජවිල කිරිමැටිමුල්ල ප්‍රදේශයේ පදිංචි ක්‍රිශාන් මධුෂාන් ප්‍රනාන්දු ( 22 ) යන අයගෙ වම් පාදයට බරපතළ තුවාල ලබා සිටියදී සුවසැරිය ගිලන් රථයකින් තුවාල මාතර මහ රෝහලට ඇතුළත් කොට ඇතැයි පොලිසිය කියයි.