14 දැරිය දූෂණය කළැයි 21 තරුණයා අත්අඩංගුවට
2023 January 24- Page Views : 1187
වරදට අනුබල දුන් සැකකරුගේ පියාත් දැලේ
වයස අවුරුදු 14ක බාලවයස්කාර දැරියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කර ස්ත්‍රී දූෂණයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වයස අවුරුදු 21 ක පුද්ගලයෙකු සහ ඊට ආධාර අනුබල දුන් එම සැකකරුගේ පියා අත්අඩංගුවට ගත් බව කවරක්කුලම පොලීසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේල මඩහපොල ප්‍රදේශයේ පදිංචි පියෙකු සහ පුතෙකු බව පොලිසිය කියයි.
අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි දැරියගේ මව විසින් මේ සම්බන්ධයෙන් සිදු කළ පැමිණිල්ලකට අනුව වැඩිදුර විමර්ශන සිදු කර නිලධාරීන් කණ්ඩායමක් දැරිය සොයා ගෙන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
එම බාලවයස්කාර දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට නියමිතව තිබුණි.
කවරක්කුලම පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජීගඩබ්ලිව්ග ආර්ග කේ ද සිල්වා මහතාගේ උපදෙස් මත නිලධාරීහු පිරිසක් වැඩිදුර විමර්ශන මෙහෙයවා සැකකරුවන් අත්අඩංගුවට ගත්හ.