මසකට 45,000ක් උපයන අයගේ පටන් ආදායම් බද්දක්..
2023 January 29- Page Views : 26 රුපියල් 45,000 ඉක්මවා මාසික ආදායම් ලබන පුද්ගලයන්ටද නව බද්දක් හඳුන්වාදීමට රජය සැලසුම් සකස් කරමින් සිටින බවට චෝදනා එල්ල වෙයි.
ලාංකීය එක්සත් ව්‍යවසායකයින්ගේ සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කියා සිටියේය.
ව්‍යාපාරිකයන්ගෙන් අසාධාරණ බදු අය කිරීම අත්හිටුවන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමට බලාපොරොත්තු වන බවද පැවසූ ඔහු ඒ සඳහා ඇහුම්කන් නොදෙන්නේ නම් අධිකරණය හමුවට යන බවද පැවසීය.