නර්තනයේ යෙදුනු යුවලකට 10 වසරක සිර දඩුවම්
2023 February 01- Page Views : 1187
ඉරානයේ ටෙහෙරාන් නුවර ප්‍රසිද්ධ මාර්ගයක නර්තනයේ යෙදුනු යුවලකට 10 වසරක සිර දඩුවම් නියම කර තිබෙනවා.
ඒ අක්‍රමිකතා සහ ගණිකා වෘත්තිය ප්‍රවර්ධනය යන චෝදනා වලටයි.
හිජාබය නිසි ලෙස නොපැළඳීම හේතුවෙන් පොලිස් අතඩංගුවට ගෙන සිර භාරයේදී මිය ගිය 22 හැවරදි මාසා අමීනී ගේ මරණයෙන් පසු ඉරාණය පුරා විරෝධතා ආරම්භ වූ අතර , ආරක්ශක අංශ එම විරෝධතා මැඩපැවැත්වීමට දැඩි
නීති රීතී අනුගමනය කරනවා.
එවන් පසු බිමකයි ප්‍රසිද්ධ ස්තානයක නර්තනයේ යෙදෙමින් එය විඩියෝගත කර මිලියන ගණනක ප්‍රේක්ශක ආකර්ශණයක් දිනා ගත් ඔවුන්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම් ඔස්සේ සමාජ මාධ්‍යට එක් කල මෙම 20 හැවිරදි යුවල අත් අඩංගුවට ගෙන
තිබුණේ.
අදාල තරුණිය නර්තනයේ යෙදෙන අවස්ථාවේදී හිජාබයක්ද පැළද සිටිනු දක්නට ලැබෙන්නේ නැහැ