"දුවේ අද අපේ රට නිදහස දිනූ දවස... අලුත් වීරයෙක් බිහිවන තුරු සමරන නිදහස..." නිදහසේ පාඩම දූට කියාදෙන ධනංජය සිරිවර්ධන
2023 February 04- Page Views : 26 අද ජාතික නිදහස් දිනයයි.
අපේ දූ පුතුන්ට ඉතිහාසය ගැන අගනා පාඩම් කියාදෙන දවසකි අද.
ජනප්‍රිය රංගන ශිල්පි ධනංජය සිරිවර්ධනත් එයාගේ දෝණිට නිදහස ගැන මේ විදියට කියලා දීලා තිබුණා.
"දුවේ අද අපේ රට නිදහස දිනූ දවස.
සුද්ද යන්න කලින් සමරපු
සුදු ඒජන්තගේ නෝනගෙ උපන්දිනේ දවස.
පිරිවර සේනා සමඟින් විත්
මූදට වෙඩි තබා
රතු පලස මතින්
ඇවිද යන ප්‍රභූන්ට විතරක් දැනෙන
රටේ මිනිස්සුන්ට විහිලුවක් උනු නිදහස..
ශ්‍රී ලංකා මාථාවට සැබවින් ආදරේ කරන
හැමෝම හොයන
හැමෝම පතන
හැමෝම ඒ වෙනුවෙන් වැඩ කරන
අලුත් වීරයෙක් බිහිවන තුරු සමරන නිදහස
සමරමු! "