"දැන් දඟලන්නේ පාස්පෝට් හදාගෙන, කොහොම හරි ඉක්මනට මේ රටෙන් යන්න.... ඔබ නිහඬතාක් මෙය එසේම සිදුවෙයි ! " ජනප්‍රිය නිළි ලෝචනා, එකපාරටම ඇයි එහෙම කතාවක් කියන්නේ
2023 February 05- Page Views : 26 ඊයේ 75 වන ජාතික නිදහස් දිනයයි.
ඒ වෙනුවෙන් තිබුණු සැමරුම් වගේම නිදහස ගැන ලියවුණු සටහන් රැසක් ද දකින්න ලැබුණා.
එහෙම ලියවුණු බොහෝමයක් සටහන්වල ගැබ්ව තිබුණේ කළකිරීම් සහගත බවක්.
.
මේ ජනප්‍රිය නිළි ලෝචනා ඉමාෂි තබන ලද සටහනයි.
"නිදහසසේ සමරන්න නැති නිදහස් දිනයක් අපිට මොකටද?
ලංකාවේ මිනිස්සු විදින දුක් දැකකම අනේ අපරාදේ පෘතුගීසි,ලන්දෙර්සි,ඉංග්‍රිසින්ට කියල ආපහු අපේ රට යටත් කරගන්න කියන්න හිතෙනවා.
මොකද උන්ගෙන් නිදහස් උන අපේ රටේ හැමෝම දැන් දගලන්නේ පාස්පෝට් හදාගේන කොහොම හරි ඉක්මනට මේ රටෙන් උන්ගේ රටවලට යන්න.
හරියට බැලුවොත් අපේ රට තරන් ජිවත් වෙන්න හොද වෙන කිසිම රටක් නැහැ.
බල තණ්හාව තියන්කල අපේ මව් රට අපිට ආපහු ලැබෙන එකක් නැහැ.
මගේ අද දවසේ ප්‍රාර්ථනාය අපිට නැතත් අනාගත පරපුරටවත් හරිම නිදහස සමරන්න ලැබෙන්න කියලා.
නමුදු ඔබ නිහඬතාක් මෙය එසේම සිදුවෙයි "