WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

"මගේ ජීවිතයට තර්ජනයක් වේවි, මට කරදර වේවි, කියලා සර් කිව්වා..." "ඒ නෝනා ලංකාවේ කෑම කන්න කැමැති නැහැ... ඒ නිසා නිතරම රට යනවා..." ඝාතනය කළ කෝටිපති ව්‍යාපාරිකයාගේ සේවකයින් CIDයට සාක්ෂි දෙයි

2023 February 21- Page Views : 27

ඔපෙක්ස් හෝල්ඩින් සමූහ ව්‍යාපාරයේ හිමිකරු ඔනේෂ් සුබසිංහගේ අබිරහස් ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන සිදුකර අධිකරණයට කඩිනමින් කරුණු වාර්තා කරන ලෙසට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණය හමුවේ කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මෙලෙස නියෝග නිකුත් කෙරිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මියගිය ඔනේෂ් සුබසිංහ මහතාගේ සහෝදරයකු වන සුභාෂ් සුබසිංහ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කරනු ලැබූ පැමිණිල්ලක් මත මෙම විමර්ශන ආරම්භ කළ බව එම දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර සිටියේය.

මියගිය ඔනේෂ් සුබසිංහ මහතාගේ නිවෙසේ සේවය කරන ලද සේවකයන් ඇතුළු පස් දෙනකුගෙන් විමර්ශනයන්වලදී ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් ඔවුන්ගේ ප්‍රකාශ අනුව මියගිය ඔනේෂ් සුබසිංහ මහතාගේ බිරිය විසින් විවිධ අවස්ථාවල රට යෑමට අවශ්‍ය බවත් ලංකාවේ කෑම ගැනීමට අකැමැති බවත් ප්‍රකාශ කර ඇති බව ඔවුන්ගේ ප්‍රකාශවලින් අනාවරණය වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දැක්වීය.

එසේම ඔනේෂ් සුබසිංහ තමාගේ ජීවිතයට තර්ජනයක්, කරදරයක් විය හැකි බවට සේවකයන්ට පවසා ඇතැයි එම සේවකයන්ගේ ප්‍රකාශවලින් කරුණු අනාවරණය වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කළේය.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පුළුල් විමර්ශනයක් සිදුකරන බවට ප්‍රකාශන දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළේය.

සියලු කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයන් සිදු කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කළේය.