"මං ඔයාලට කීවා නේද අපි පොඩියට ඇඳුම් කඩයක් දාන්න හදන්නේ කියලා.. ඔන්න අපි චූටියට අපේ කඩේ දැම්මා ඉතින්..." ජීවිතය දිනන්න වෙහෙසෙන ආදරණීය යුවලක් කියන අපූරු කතාව...
2023 February 23- Page Views : 26 ජීවිතය තනි තනිව දිනන්න බැරිනම් ජීවන ගමනේ සහකරුවා එක්ක හරි සහකාරිය එක්ක හරි ජීවිටය දිනන්න පුළුවන් කියලා කතාවක් තියෙනවා. ඉලක්කවලට යන්න නම් ඒකට වුවමනාවක් තියෙන ඒවා හැබෑ කරගන්න අවශ්‍යතාවක් තියෙන හිත් දෙකක් විතරමයි ඒකට අවශ්‍ය වෙන්නේ.
ලෝකේ වගේම ලංකාවෙත් සැමියා සහ බිරිඳ එකතුවෙලා මහා පරිමාණ ව්‍යාපාර සහ සමාගම් බිහි කරලා තියෙනවා ඕන තරම් අපි දැකලා තියෙනවා. ඒ හැමෝම එවැනි තැනකට එන්න හේතුව පුංචිම පුංචි ආරම්භයක්.
මේ වෙද්දි ලංකාවේ පවතින ආර්ථික සහ සාමාජීය ප්‍රශ්නත් එක්ක ජීවිතයේ ඉලක්ක අත්හරිනවා වෙනුවට තමාට ඇති හැකි පමණින් ඒ හීන හැබෑ කරගන්න පියවර තැබූ යුවලක් අපිට මුණගැහුනා.
මේ තරුණ යුවලගේ ඡායාරූප මේ දිනවල සමාජ මාධ්‍යවල සැරිසරනවා. ඒ ඔවුන් දෙපළ පැවසූ ප්‍රකකශයක් සමඟයි.
ජීවිතය දිනන්න අවශ්‍ය ඕනැම කෙනෙකුට ඔවුන් දෙපළ හොඳ ආදර්ශයක් වේවි...
"මං ඔයාලට කීවා නේද අපි පොඩියට ඇඳුම් කඩයක් දාන්න හදන්නේ කියලා.. ඔන්න අපි චූටියට අපේ කඩේ දැම්මා ඉතින්.."