WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

...නතාශාගේ ජීවිතේ ෆිල්ම් එකක්. මම ඉපදෙනකොටම අත් හැරීමෙන් ආපු කෙනෙක්. අම්මා තාත්තාත් නැතුවනේ ආවේ..” - නතාශා ගැන, ප්‍රිහාන් සංවේදී වෙමින් කියූ දේ මෙන්න.

2023 February 24- Page Views : 1188

නතාශා පෙරේරා කියන්නෙ ගායන ශිල්පිනියක් විදිහට අතිශය ජනප්‍රිය කතාබහට ලක්වන චරිතයක්.

නතාශා සහ ප්‍රිහාන් දෙන්නා පසුගිය දවසක යූටියුබ් නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එකතු වෙලා හිටියා.

නතාශා ගැන, නතාශාගේ කුඩා අවධිය ගැන ප්‍රිහාන් කිව්වේ මෙන්න මෙහෙම කතාවක්..

"නතාශාගේ ජීවිතේ ෆිල්ම් එකක්. ඉපදුන දවසේ ඉඳන් ඒ ටූ ඉසේඩ් මම දන්නවා. ඇත්තටම මෙයා මාර ශක්තිමත්. එයා අම්මා තාත්තා නැතිව තනි ගැහැනියක් විදිහට ආපු ගමන..."

නතාශා ඇගේ දෙමව්පියන් ගැන මෙහෙම කතාවක් කිව්වා.

"තාත්තා ලංකාවේ, අම්මා ඉතාලියේ. ඒ පවුල් දෙකෙන්ම මට සහෝදර සහෝදරියෝ ඉන්නවා. අපි හම්බුණාම වෙලාවක් නෑ තැනක් නොතැනක් නෑ. සතුටින් කල් ගෙවනවා. නමුත් මම ආසයි බැඳීම් දුරින් තියාගන්න. මොකද බැඳීම් දුකක්..."

"මම ඉපදෙනකොටම අත් හැරීමෙන් ආපු කෙනෙක්. අම්මා තාත්තා මගේ ජීවිතේ නෑනේ. බලාගෙන ඉන්න කෙනෙක්ට වුණත් මම කියන්නෙ ප්‍රශ්නයක් නම් අපිට එන්නෙ ශක්තියකුත් එක්ක. අපි ඒ ශක්තිය අඳුරගන්න ඕන..."