...එයාගේ ඔඩොක්කුවේ ආපු කෙල්ල තවදුරටත් නැහැ කියලා එයා කොහොම අදහන්නද ? කොහොම පිළිගන්නද ? මේ හැම මොහොතක්ම පුළුවන් තරම් ආදරණීය වෙන්න...” - නෝර්ටන් බ්‍රීච් මාරක අනතුර දා ඔහුගේ තුරළෙන් නික්ම ව දෙව් විමන් බලා ගිය ඇය...
2023 February 24- Page Views : 26 “මිස් ! මගේ ගර්ල් ෆෙර්න්ඩ් මා එක්ක ආවා. එයා මගේ ඔඩොක්කුවේ ඔලුව තියාගෙන ආවේ.. අනේ එයා කොහෙද ඉන්නෙ?”, “මම කොහොමද කියන්නෙ ඒ කෙල්ල ජීවතුන් අතර නෑ කියලා..” තිදෙනකුට මරු කැඳවූ අනතුර පිටුපස සංවේදී කතාවක්..
මේ කියන සංවේදී කතාව අපේ වෙබ් පිටුවෙන් ඔබත් කියවන්න ඇති !!
හදවතට දැනෙන, රිදෙන කතා බොහෝමයක් අස්සේ,
ඒ මාරක අනතුර ගැන හෙදයක් කියූ සංවේදී කතාවයි ඒ....
ඒ කෙල්ලව ජීවිතේම කරගත්ත කොල්ලා මේ දේ ඇහුවම,
ඒ අහිමි වීම කොහොම දරාගන්නවා ඇද්ද ?
එයාගේ ඔඩොක්කුවේ ආපු කෙල්ල තවදුරටත් නැහැ කියලා
එයා කොහොම අදහන්නද ? කොහොම පිළිගන්නද ?
අපි දන් නෑ අපිට කොයිවෙලාවක මේ හැමදේම දාලා යන්න වෙයිද කියලා. ඒ කොහොම වුනත්
තමන් පන වගේ ආදරය කරන කෙනා, අම්මා තාත්තා, සහෝදර සහෝදරියො කාගෙවත් වචනයකිම් වත් හිත රිද්දන්න යන්න එපා.. හැම වෙලේම එයාලත් එක්ක සතුටින් ඉන්න බලන්න..මොකද මගේ,ඔයාගෙ අපි ගොඩක් ආදරය කරන අයගෙ ජීවිතයෙ අවසන් මොහොත කොයි වෙලාවෙ කොහොම සිද්ද වෙයිද කියන්න අපි කවුරුවත්ම දන්නෙ නෑ..
පෝස්ට් එක හිත රිදෙනවා තමයි ඒත් මේක දාන්න හිතුණ.. ඒ අපි ළඟින් ඉන්න අය කොයි මොහොතේ අපෙන් ඈත්වෙයිද, අපිට ඒ අයගෙන් කවදා කොහොම ඈත්වෙන්න වෙයිද දන්නෙ නෑ..
ඉතින් මේ ගෙවන හැම මොහොතක්ම පුලුවන් තරම්
ඒ අයට ආදරණීය වෙන්න..
අවංක වෙන්න..
ඔවුන් වටින බව කියන්න..
ඔවුන්ව තේරුම් අරන් ජීවිතය හොඳින් ගෙවන්න