"මගේ අවසන් හුස්ම වෙනකන්..." සුරූපී නිළි උදාරි කෞෂල්‍යා හදිසියේම ඩුබායි ගියේ පෙම්වතා ළඟට ද?
2023 February 28- Page Views : 1187
උදාරි කෞෂල්‍යා කියන්නේ ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක් ලෙස ක්ෂේත්‍රයේ ජනප්‍රිය වුණු තාරකාව. ජනප්‍රිය රංගන ශිල්පී සංගීත් වික්‍රමසිංහ සමඟ විවාහ වුණු ඇගේ විවාහය දෙදරා යෑමත් සමඟම බොහෝදෙනා ඔවුන් ගැන විවිධ දෑ කතා කරන්නට ගත්තා.
සැමියාගෙන් වෙන් වීමත් සමඟම කලා ජීවිතයටද සමුදුන් ඇය දැන් ව්‍යාපාරික කාන්තාවක් ලෙස ඇගේ ව්‍යාපාර කීපයක් ආරම්භ කරලා තිබෙනවා.
මේ දිනවල ඇය ඉන්නේ ඩුබායිවල...
උදාරි ඇගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ එක්තරා පුද්ගලයෙක් සමඟ ඉන්නා ඡායාරූපයක් පළ කරලා තිබුණා.
ඇය එම ඡායාරූපය පළ කරලා තිබුණේ "මගේ අවසන් හුස්ම තෙක්" ලෙස සඳහන් කරමින්.