"මට සමහර අය දක්ක ගමන් පෙන්නන්න බැහැ... අලි ඔළුවෙන් ඉන්නේ..." "අපි කියන දේවල්වත් අහන්නේ නෑ... කිසිම අත්දැකීමකුත් නැහැ... රඟපානවා මෙලෝ රහක් නෑ" උපේක්ෂා ස්වර්ණමාලිගෙන් අලුත් අයට දෙහි කැපිල්ලක්...
2023 March 01- Page Views : 26 උපේක්ෂා ස්වර්නමාලි කියන්නේ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ජනප්‍රිය තරුණ රංගන ශිල්පිනියක්. විවාහයෙන් පසුව ඇය කලාවෙන් මදක් ඈත් වුණත් දැන් ඇය නැවතත් ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට අවතීර්ණය වෙලා ඉන්නවා.
උපේක්ෂා පුංචි දියණියකගේ මවක් කියලා මේ වන විටත් ඔබ දන්නවා ඇති.
කලා ක්ෂේත්‍රයට අවතීර්ණය වෙන තරුණ පරම්පරාව ගැන මෑතකදී ඇගේ අදහස මාධ්‍යයට ප්‍රකාශ කරලා තිබුනා.
පහත දැක්වෙන්නේ ඇය කියූ දෑයි...
"මට නම් සමහර අය දක්ක ගමන් පෙන්නන්න බැහැ. දක්ෂතාවකුත් නැහැ. අත්දැකීමකුත් නැහැ. සමහර අය විතරයි. ඒත් දක්ෂතාවය තියෙන තරුන පරම්පරාවකුත් ඉන්නවා.
රංගනය ගැන කිසිම දෙයක් හදාරලාත් නැති අපි කියන දේවල්වත් අහන්නේ නැති අලි ඔළුවෙන් ඉන්න අය ඕනේ තරම් ඉන්නවා. මේ දවස්වලත් රඟපානව ඒ වගේ අලුත් අයත් එක්ක... නමුත් අති දක්ෂ තරුණ පරම්පරාවකුත් අපිට ඉන්නවා. නමුත් ඒ අයට සුදුසු ක්ෂේත්‍රයක් අපිට නැහැ.
ඒ නිසා එයාලා කලකිරෙනවා මම දැකලා තියෙනවා. ඒ අයගේ නිර්මාණවලම් සුලු චරිතයක් කරලා හරි එයාලට උදව් කරන්න සහයෝගය දක්වන්න මම කැමැතියි. නමුත් මෙලෝ රහක් නැති අයට නම් මූණට කියලා ප්‍රඩක්ෂන් එකෙන් අයින් වෙන්නත් මම කැමැතියි."