මේරියන්ස් නායක නලින් පෙරේරා පවුලේ අය එක්ක සිඩ්නි නගරයට ගිහින්...
2023 March 01- Page Views : 26 ප්‍රසංග වේදිකාව වසර 35කට අධික කාලයක් සංගීතයෙන් මුසපත් කළ මේරියන්ස් සංගීත කණ්ඩායම ගැන ඔබට අමුතුවෙන් හඳුන්වාදෙන්න අවශ්‍ය නැහැ. එහි නායක ජනප්‍රිය ගායන ශිල්පී නලින් පෙරේරා පසුගිය මාසයේ ඕස්ට්‍රේලියාව බලා පිටත් වුණා.
ඒ ප්‍රසංග මාලාවක් සඳහා සහභාගි වෙන්න. නලින්ගේ දියනිය ස්වේතාත් පසුගිය වසරේ විවාහ වෙලා ඇගේ සැමියා සමඟ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි වෙලා ඉන්නේ. නලින් දැන් මාසයකට අධික කාලයක් තම දියණිය සහ පවුලේ අය සමඟ ගත කරනවා.
නලින් මෑතකදී සිඩ්නි නගරයේ සංචාරයක ගිහින් තිබුණා. එහිදී ගත් ඡායාරූප සමාජ මාධ්‍යවල පළ කරන්නත් නලින් අමතක කළේ නැහැ.