WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අවුරුදු තිහක් පරණ මතක හිතේ තියාගෙන තවමත් හික්කඩුවට පෙම් බඳින සුපිරි හොලිවුඩ් නළු රයන් රෙනොල්ඩ්ස් කියන කතාව මෙන්න...

2023 March 07- Page Views : 1187

තමාගේ රංගන දිවිය තුළ වඩාත්ම ප්‍රියකරන චිත්‍රපට දර්ශන තලය ශ්‍රී ලංකාවේ හික්කඩුව බව සුපිරි හොලිවුඩ් නළු රයන් රෙනොල්ඩ්ස් පවසා තිබෙනවා.

රයන් රෙනොල්ඩ්ස් මේ බව පවසා ඇත්තේ ජස්ට් ෆෝ ලාෆ් වැඩසටහනට පසුගිය සති අන්තයේ එක්වෙමින්.

1993 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ දී රූගත කර ඇති ඕඩිනරි මැජික් චිත්‍රපටය රයන් රෙනොල්ඩ්ස්ගේ පළමු චිත්‍රපටය වනවා.

ඒ අනුව චිත්‍රපටය රුගත කර වසර 30ක් ගතවුවත් එම දර්ශන තල පිළිබඳව රයන් රෙනොල්ඩ්ස් මෙම වැඩසටහන තුළ දී යළිත් අලුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ රූගත කළ තමාගේ පළමු චිත්‍රපටය, අවේණික ලක්ෂණ වලින් යුත් ශ්‍රී ලංකාව තම මනස නව මානයන්ට පුළුල් කළ බවත් රයන් රෙනොල්ඩ්ස් මෙහිදී වැඩිදුරටත් පවසා ඇති බව සඳහන්.