"කාමරේට යන්න බෑ කිව්වාම ළඟට ඇවිත් කලිසම පහත් කරලා ........... පෙන්නුවා" පාසලට එක්ක යන ත්‍රීවිල් මාමා කෙනෙක් සිසුවියකට කරපු නොහොබිනා වැඩේ මෙන්න...
2023 March 07- Page Views : 1187
දහතුන් හැවිරිදි බාල වයස්කාර සිසුවියක් නිත්‍යානුකුල භාරකාරත්වයෙන් අපහරණය කොට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් පාසල් සිසුවියන් ප්‍රවාහනය කරනු ලබන ත්‍රිරෝදරථ රියදුරෙකු අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගිංතොට පියදිගම පදිංචි 11 හැවිරිදි දියණියකගේ පියෙකු වන 42 හැවිරිදි ත්‍රිරෝදරථ රියදුරෙකි.
පොලිසිය පැවසුවේ සැකකරු ගාල්ල නගරයේ පාසල් කිහිපයකට සිසුවියන් ප්‍රවාහනය කරනු ලබන අතර ඉකුත් සිකුරාදා (3) දිනයේද සිරිත් පරිදි ඔහු සිසුවියන් තිදෙනෙකු ගාල්ල නගරයේ පාසල්වෙත රැගෙන පැමිණ දෙදෙනෙකු එක් පාසලකට දැමිමෙන් පසු අතවරයට පත් සිසුවිය ඇයගේ පාසල වෙත රැගෙන නොගොස් ඔහුගේ නිවස වෙත රැගෙන ගොස් ඇති බවය.
එසේ කැඳවාගෙන ගොස් ත්‍රිරෝද රථයෙන් බැස කාමරයට යන ලෙස පවසා ඇති නමුත් සිසුවිය එයට අකමැත්ත පල කර ඇත. එම අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ ඇස් නොපෙනෙන මහලු කාන්තාවක් පමණි. පසුව සැකකරු ඇය ළඟට පැමිණ කලිසම පහත්කර ඇයට ලිංගේන්ද්‍රිය පෙන්වා ඇත.
එම අවස්ථාවේ සිසුවිය බියට පත්ව තමා පාසලට හෝ ගෙදරට එක්ක යන ලෙස පවසා ඇති අතර සැකකරු සිද්ධිය කිසිවෙකුට නොකියන ලෙස තර්ජනය කොට ඇය නැවත පාසල වෙත රැගෙන ගොස් ඇත. එහෙත් පසුව ඇය සිද්ධිය මවට පැවසිමෙන් පසු පොලිසියට පැමිණිලි කර තිබේ.