WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ටික්ටොක් රටේ ආරක්ෂාවට තර්ජනයක්

2023 March 16- Page Views : 35

ටික්ටොක් යෙදුමෙහි හිමිකාරීත්වය දරණ චීන සමාගමට ඇමෙරිකානු රජය විසින් අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

චීන සමාගමක් වන බයිට් ඩාන්ස් ටික්ටොක් හි හිමිකාරීත්වය දරයි.

අමෙරිකානු රජය පවසන්නේ එම චීන සමාගම ටික්ටොක් යෙදුම වෙනත් චීන නොවන සමාගමකට විකිණිය යුතු බවයි.

එසේ නොකළහොත් ඇමෙරිකාව තුළ ටික්ටොක් තහනම් කිරීමට කටයුතු කරන බව ඇමෙරිකානු රජය සඳහන් කර තිබේ.

ටික්ටොක් මෙවලම භාවිත කරන ඇමෙරිකානුවන්ගේ දත්ත චීන සමාගමක් සතුව තිබීම ඇමෙරිකාවේ ආරක්ෂාවට තර්ජනයක් බව එරට බලධාරීන් පෙන්වා දෙයි.