WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කෝටි 35 මැණික සොරාගත් “චාටර් චූටි“ හසුවේ

2023 June 05- Page Views : 26

මීගොඩ ලයනල් ජයසිංහ මාවතේ ව්‍යාපාරිකයකුට අයත් නිවසකින් සොරකම් කරන ලද රුපියල් කෝටි තිස්පහක් පමණ වටිනා නිල් මැණිකක් සහ රුපියල් ලක්ෂ විසිහතක් පමණ වටිනා අත් ඔරලෝසුවක් සොරාගත් බව කියන ප්‍රධාන පුද්ගලයා ඇතුළු තිදෙනකු හෙරොයින් ග්‍රෑම් විස්සක් සමග ඊයේ (04) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙස් අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙට්ටියාවත්ත ප්‍රදේශයේ පදිංචි ‘චාටර් චූටි‘ නමැත්තෙකි, බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙක් සහ ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි මැණික් ගල් කැපීමේ කටයුතුවල නිරත වූ අයෙකි.

මොහු ගොඩගම ලයනල් ජයසිංහ මාවතේ ව්‍යාපාරිකයකුට අයත් නිවසක තිබූ නිල් මැණිකක් සහ වටිනා අත්හැරලෝසුවක් ඉකුත් වෙසක් පුරපසළොස්වක පොහෝ දිනයේදී සොරාගෙන ගොස් තිබුණි.

මේ පිළිබදව ලද පැමිණිල්ලට අනුව සිදු කළ විමර්ශනයකදී සොරාගත් බව නියන නිල් මැණික 'චාටර් චූටි' නමැත්තා බොරලැස්ගමුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයාට ලබාදී ඇති අතර ඔහු විසින් මැණික් ගල් හැඩය වෙනස් කිරීම සඳහා ඇහැලියගොඩ ප්‍රදේශයේ මැණික් ගල් කැපීමේ කටයුතුවල නිරත අයෙකුට ලබා දී තිබේ.

මොවුන් මැණික් ගල රුපියල් කෝට් 40ක මුදලකට ගම්පොළ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකුට අද (05) දිනයේ දී විකිණීමට සැලසුම් කර තිබේ. සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන ‘චාටර් චූටී' නමැත්තා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 20යි. මිරිග්‍රෑම් 300ක් තිබී සොයා ගෙන තිබේ. මෙහි පුද්ගලයා අවුරුදු දහයක පමණ කාලයක් තිස්සේ මත්ද්‍රව්‍යවලට තදින් ඇබ්බැහිව සිටින අයෙකු බවත් මොහුට විරුද්ධව කොළඹ දිස්ත්‍රික්කයේ පොලීසි කීපයකට අදාළව අධිකරණවලින් වරෙන්තු 5ක් නිකුත් කර ඇති බවත් පොලීසිය සඳහන් කරයි.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ඊයේ (04දා) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමේ දී ජුනි මස 15වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.