WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

තිලිණි ප්‍රියමාලිට එරෙහි නඩුවක් කල්යයි

2023 June 06- Page Views : 26

වාහනයක් ලබාදෙන පවසා මාතර ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 80 ක මුදලක් ලබාගෙන සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා ලබා සිටින තිලිණි ප්‍රියමාලිට එරෙහි නඩුව අගෝස්තු 11 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය නියම කළා.

නඩුව ඊයේ කැඳවනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු අදිත්‍ය පටබැදිගේ මහතා ඉදිරියේයි.

එම අවස්ථාවේ දී විත්තිකාර තිලිණි ප්‍රියමාල් අධිකරණයේ පෙනී සිටියේ නැහැ.

ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය සදහන් කළේ තම සේවාදායකයා අසනීපව කොළඹ පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.

ඒ අනුව නඩුව යළි කැඳවන දිනයේ දී පිළිගත් වෛද්‍ය වාර්තාවක් සමග විත්තිකාරිය අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවට නියෝග කෙරුණා.

2010 වසරේ මාතර ප්‍රදේශයේ පුද්ගලයෙකුට වාහනයක් ලබාදෙන බව පවසා එම පුද්ගලයාගෙන් රුපියල් ලක්ෂ 80 ක මුදලක් ලබාගෙන එය සාවද්‍ය පරිහරණය කළේයැයි චෝදනා කරමින් නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබෙනවා.