WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

'වන් ගෝල්ෆේස්' Pizza අලෙවි සලේදී සුරා බදු නිලධාරිහු යකා නටති

2023 June 07- Page Views : 26

බීමත් සුරාබදු නිලධාරීන් 15 දෙනකු පමණ පිරිසක් කොළඹ ප්‍රධාන පෙළේ වෙළෙඳ සංකීර්ණයේ පීසා අලෙවිසලක කළමනාකරු හා එහි සූපවේදියාට අමානුෂික අන්දමින් පහරදී තිබේ.

මෙම වෙළෙඳ සංකීර්ණයේ හයවැනි මහලේ පීසා අලෙවිසලක මෙම පහරදීම සිදුව ඇත්තේ පෙරේදා (05 වැනිදා) රාත්‍රියේදීය.

මෙම අලෙවිසලේ මේසයක් මත තිබෙන වෙනත් අයකුට අයත් හෙල්මටයක් එහි පැමිණි සුරාබදු නිලධාරීන් විසින් ලබාගැනීමට උත්සාහ දරන අතර එහිදී අලෙවිසලේ කළමනාකරු හා එහි කෝකිවරයා මොවුන් හා බහින්බස්වීමක් ඇතිව තිබේ. ඒ අතරතුර අවස්ථා කිහිපයකදීම කළමනාකාරවරයාටත් කෝකිවරයාටත් පහරදීමට සුරාබදු නිලධාරීන් උත්සාහ දරා තිබෙන අතර පසුව පිටත සිට පැමිණී පහළොස් දෙනකුගෙන් යුත් සුරාබදු නිලධාරීන් පිරිසක් සමගින් කළමනාකාරවරයාට සහ කෝකිවරයාට අමානුෂික අන්දමින් පහරදී තිබේ. පහරදීම සිදුකළ නිලධාරීන් දැඩිලෙස බීමත්ව සිට ඇති අතර මෙම පහරදීම සම්බන්ධයෙන් ඊයේ රාත්‍රිය වනතෙක්ම එකදු සුරාබදු නිලධාරියකු හෝ අත්අඩංගුවට ගෙන නැත.

මේ අතර පහරකෑ කෝකිවරයාත්, පහරදීමට පැමිණ තුවාල ලැබූ සුරාබදු නිලධාරින් දෙදෙනකුද තුවාල ලබා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත.