රූමත් තිදරු මව තියාගෙන සිටි කඹුරුපිටියේ මාළු මුදලාලි අත්අඩංගුවට - කුඩා කල සිට බලාපොරොත්තු තිබුණාලු
2023 June 08- Page Views : 26විසිනව හැවිරිදි රූමත් තිදරු මවක බලහත්කාරයෙන් පැහැර ගෙනවිත් මරණ තර්ජනය කර අයුතු ලෙස සිර කර තබා ගෙන සිටි බව කියන මාළු ව්‍යාපාරිකයකු කඹුරුපිටිය මස්තකමුල්ල ප්‍රදේශයේ නිවසක දී සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය පවසයි. ඔහුගේ තර්ජන ගර්ජන වලට ලක්වෙමින් බියට පත්ව මාස 06 ක පමණ කාලයක් එම නිවසේ රැඳී සිටි තිදරු මව ද පොලීසිය භාරයට ගෙන ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මාතර මහ රෝහලට ඇතුළත් කෙරිණි. කුඩා කාලයේ සිට මෙම කාන්තාව කෙරෙහි ඇල්මෙන් පසුවූ මාමා කෙනෙකු වන 36 හැවිරිදි මාළු මුදලාලි ඇය වෙනත් අයෙකු හා විවාහ වී දරුවන් ලද පසුවත් බලාපොරොත්තු තබාගෙන සිටි අයෙකු බව පැවසිණි. පැහැරගැනීමෙන් පසු භාරයෙන් මිදී පලා ගිය හොත් තම සැමියා හා දරුවන් මරා දමන බවට ද තම නිරුවත් වීඩියෝ දර්ශන ලබාගෙන ඒවා අන්තර්ජාලයට මුදාහරින බවටද නිතර තර්ජනය කළ බව තම කොණ්ඩය කපා දමමින් පිහි පෙන්වා විවිධ හිරිහැරවලට ලක් කළ බවට ද එම කාන්තාව පොලිසිය වෙත ප්‍රකාශ කර ඇත. ඇයගේ මව විසින් තම දියණිය නිදහස් කර දෙන්නැයි මීට පෙර පොලිස් ස්ථාන රැසකට පැමිණිලි කර ඇති අතර ඒ කිසිදු ස්ථානයකින් සාධාරණයක් නොවූ බව වාර්තා විය. ඇය දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාට පැමිණිලි කිරීමෙන් පසු ඒ පිළිබඳ විමර්ශන මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි වරුනි බෝගහවත්ත මහත්මිය වෙත භාර දී තිබිණි. ඒ අනුව ඇය ඇතුළු කණ්ඩායම් මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් සෝදිසි වරෙන්තුවක් ලබා ගෙන වැටලීම කර ඇත. සැකකරුගේ නිවස පරික්ෂා කිරීමේ දී එම කාන්තාවට තර්ජනය කිරිමට යොදා ගත් බව කියන මාළු කපන පිහි පහක් හා කිණිස්සක් සොයා ගනු ලැබීය. ඊට අමතරව ඇයගේ නිරුවත් දර්ශන වීඩියෝ කර පටිගත කර තිබූ ජංගම දුරකතනය හා මෙමරි කාඩ් පත ද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.